Friday, August 2, 2013

වැලිවේරියේ ජල ගැටළුවේ ඇත්ත නැත්ත






වැලිවේරිය රතුපස්වල පිහිටි හේලීස් සමාගමට අනුබද්ධ අත්වැසුම් කම්හලෙන් ඉවතදමන ලද රසායනික ද්‍රව්‍යවල බලපෑම හේතුවෙන් රතුපස්වල ප්‍රදේශයේ මහජනතාව පානයට සහ පාරිභෝජනයට ගන්නා ජලය අපිරිසිදු වී ඇත. එම හේතුවෙන් මහත් අපහසුතාවයට පත් ජනතාව මේ සබැඳිව අදාල වගකිවයුතු පාර්ශවයන් වෙතින් කරන ලද ඉල්ලීම් වලට කිසිදු ප්‍රථිචාරයක් නොලැබීම හේතුවෙන් දින ගණනාවක් තිස්සේ විරෝධතා ව්‍යාපාරයන් ආරම්භ කරන ලදි. 

අදාල විරෝධතාවයන් ගමනාගමන කටයුතුවලට සහ අනෙකුත් පාලන කටයුතු වලට අවහිරවන අයුරින් පැවැත්වීම හේතුවෙන් එය මැඩපැවැත්වීම සඳහා පොලීසිය යෙදවීමට ද සිදු වී ඇත. කෝපාවේශ වූ මහජනයා මැඩපැවැත්වීම පොලීසියේ මැදිහත්වීමෙන් කල නොහැකි තත්වයමත යුද්ධ හමුදා නිළධාරීන්ද කැඳවා ඇත.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය අවහිර වනසේ උද්ඝෝෂණයේ යෙදුණු අයවළුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

ඇතිවී ඇති නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් වයස අවුරුදු 30 ක පමණ පුද්ගලයකු මියගොස් ඇති අතර, 20 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රථිකාර ලබන බවට රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙම ප්‍රදේශයේ නියේජිතයන් අතර ඇතිවූ සාකච්ඡාවෙන් අනතුරුව එම කර්මාන්තශාලාව සති 02 ක පමණ කාලයකට තාවකාලිකව වසා දමන ලදි.

අදාල කර්මාන්තශාලාවේ අපද්‍රව්‍යන්ගෙන් ජලය අපවිත්‍රවී ඇති බව තහවුරු කරගැනීම සඳහා අදාල පාර්ශවයන් විසින් ජල සාම්පල පරීක්ෂණ කටයුතු මේවන විට ආරම්භ කර ඇත.කෙසේවුවද සති 06 ක් තුලදී නව ජලපද්ධතියක් සකස්කරදෙනතුරු බවුසර වලින් ජලය බෙදා හැරීමට කටයුතු සකසා ඇත. 











ගුරුවරියක් වහලයමත උපවාසයක





2013 ජුලි මස 30 වන දින කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරියක් විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයමතට නැග උපවාසයක නිරත වුණා. අදාල ගුරුවරියට ලබාදී තිබුණු ස්ථානමාරුව සම්බන්ධ ගැටළුව විදුහල්පතිවරයා විසින් විසඳා නොදීම හේතුවෙන් එම ගුරුවරිය උපවාසයේ යෙදී ඇත. කෙසේ වුවද ඇයට ලබදී තිබුණු පාසල වෙනුවට වෙනත් පාසලකට ස්ථානමාරුව සකස්කර දී ඇතත් අදාල ගුරුවරිය එයටද අකමැති වී ඇති බව විදුහල්පතිවරයා මාධ්‍යවෙත අදහස් දක්වා ඇත.

Wednesday, July 31, 2013

මොකක්ද මේ තෙලන්ගානාව



ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය දෙකඩ කර තෙලන්ගානා නමින් අලුත් ප්‍රාන්තයක් පිහිටුවීමට ඉන්දීය ආණ්ඩුව විසින් නිවේදනය කරනු ලැබීමත් සමඟ, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙහි විරෝධතා ව්‍යාපාර සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තෙලිඟු බස කතා කරන ජනතාව බහුලවන හෙයින්, වසර 50 ක පමණ අතීතයක සිට ප්‍රාන්තය දෙකඩ කොට අලුතින් තෙලන්ගානා නමින් ප්‍රාන්තයක් නිර්මාණය කර දෙන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපාර පවත්වාගෙන එනු ලබයි. එසේ වුවද, මෙම වැඩ පිළිවෙලට ආන්ද්‍රා ප්‍රදේශ්හි වෙසෙන විශාල ජන සංඛ්‍යාවක් විරෝධය පළ කොට ඇත.

ප්‍රාන්තය දෙකඩ කිරීම පෙරදැරිව විරෝධතා පවත්වද්දී තම ඉල්ලීම් දිනාගත් සතුට සමරන පිරිසක්ද ඒ අතර වෙති.


අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.