Sunday, July 28, 2013

පාසැල් ගුරුවරිය දනගැස් වීම දේශපාලන කුමන්ත්රණයක් ලු




නවගත්තේගම නවෝද්‍යා පාස‍ලේ ගුරුවරියක දණගැස්වීමේ සිද්ධිය මේ වන වි‍‍ට අප කවුරුත් දන්නා පුවතකි. දෙමව්පියන් තම දරුවාට පහරක් ගසන්නේ දරුවා අනවබෝධයෙන් යුතුව කරනු ලබන යම් ක්‍රියාවක් අවබෝධකර දීමට සහ අනාගතයේදී එවන් ක්‍රියාවක් සිදු නොකිරීමට එම ක්‍රියාවේ හරි වැරැද්ද දරුවාට අවබෝධ කර දීමටය.

එමෙන්ම අප කවුරුත් දරුවන් පාසැලකට යොමුකර අපගේ ජාතියට, ආගමට, සංස්කෘතියට මෙන්ම වර්ථමා‍නයේ රටක ස්වෛරීභාවයට ගැලපෙන පරිදි දැනුමින් පොහොසත් කර නුවණ මුහුකුරා ගිය ආදර්ශමත් දරුවකු පෝශණය කර රටට දායාද කිරීමටයි. කවුරුන් කෙසේ සිතුවද මෙය සුලුපටු කටයුත්තක් නොවේ. වර්ථමානයේ දී අතමිට යහමින් සරු සුඛෝපභෝගී දිවි ගෙවන පවුල්වල දරුවන් වෙනුවෙන් කැපවෙන්නේ දෙගුරැන්ගේ කටයුත්ත ඉටුකරන්නේ ආයම්මලාය. එම කටයුත්තේ ඇති බරපතල කම ඇසිය යුත්තේ ද ආයම්මාගෙනි.

අවසානයේදී ගුරුවරිය දණගැස්වීමේ සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක් බවට පරිවර්ථණය කිරීමට පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥ තුමා කටයුතු කර ඇති බවට දැනගන්නට ලැබී ඇත. අදාල මන්ත්‍රීවරයාට නාම යෝජනා ලබානොදීමට සන්ධානය තීරණය කර ඇත. මෙය රජයේ ආරංචි මාර්ගයකි. කෙසේවෙතත් අදාල මන්ත්‍රීට නාමයෝජනා ලබා දී නැතත්, ඔහුගේ සහෝදරියකගේ පුතකුහට වයඹ පළාත් සභා ඡන්දයේ නාමයෝජනා ලැබී ඇතැයි දැනගන්නට ඇත.

No comments:

Post a Comment