Tuesday, July 30, 2013

ආනයනික පෙට්රල් පිරිවිතරයන්ට නොගැළපේ නම් රට තුළට ගොඩබෑම පරට්රතික්ෂේප කරනවා



මෙරටට ඇනවුම් කළ ඔක්ටේන් 90 වර්ගයේ පෙට්රල් මෙට්රික් ටොන් 30,000ක ඉන්ධන තොගය හා 95 වර්ගයේ පෙට්රල් මෙට්රික් ටොන් 5,000ක ඉන්ධන තොගය සම්බන්ධ මූලික සාම්පල් පරීක්ෂා කිරීමේදී එහි ඔක්ටේන් අගය නියමිත පිරිවිතරයන්ට නොමැති බව වාර්තාවී ඇත.

මෙවැනි අවස්ථාවක ආනයනය කරන තෙල් පරීක්ෂා කරන ක‍්‍රමවේද අනුව දෙවනි වරටත් සාම්පල් ලබාගැනීමක් සිදු කරනු ලැබේ. මේ අනුව අදාළ ඉන්ධන තොගවලින් නැවත ඉන්ධන සාම්පල් ලබාගනිමින් පරීක්ෂා කිරීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරමින් පවතී.

රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට අනුව ඇනවුම් කරන ලද මෙම ඉන්ධන තොගය කොළඹට පැමිණියේ 2013 ජූලි 29 දිනය. අදාළ ඉන්ධන තොගය ගොඩබෑමට ප‍්‍රථමයෙන් ලබාගත් සාම්පල් කොලොන්නාව හා සපුගස්කන්ද පරීක්ෂණාගාරවලදී නිසි ලෙස පරීක්ෂා කරනු බලන අතර යම් හෙයකින් අදාළ පිරිවිතරයන්ට නොගැළපේ නම් රට තුළට ගොඩබෑම ප‍්‍රතික්ෂේප කරන බවත් ඇනවුම් කළ පිරිවිතරයන්ට ගැළපෙන තෙල් තොගයක් ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ සමාගමට උපදෙස් ලබා දී තිබේ. මෙම තෙල් තොගය ඇනවුම් කරන ලද්දේ ඛනිජ තෙල් සංස්ථාව සමග දිගුකාලීන ගිවිසුමක් පවත්වාගෙන යනු ලබන පෙට්‍රො චයිනා සමාගමෙනි.

මෙම පෙට‍්‍රල් තොග ප‍්‍රතික්ෂේප කිරීම නිසා රට තුළ පෙට්රල් හිඟයක් ඇති නොවන අතර අවශ්‍ය තරම් පෙට්රල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව අවධාරණය කරයි.  



අයිතිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
 


No comments:

Post a Comment