Monday, July 29, 2013

39 Killed In Itally Bus Crash Near Avellino



39 දෙනෙකුට මරු කැඳවූ ඉතාලි බස්රථ අනතුර

ඉතාලියේ කැම්පේනියා නගරයේ සිට නේපල්ස් නගරය බලා ගමන්ගත් වන්දනා නඩයක් රැගත් බස් රියක් ඇවලිනෝ නගරයට ආසන්නයේ ඉතා අනතුරුදායක ප්‍රදේශයකදී මාර්ගයේ ආරක්‍ෂාව සඳහා යොදාතිබූ වැට ද කඩා ගෙන ප්‍රපාතයට පෙරළී ඇත.

මෙම අනතුරින් මේ වන විට 39 දෙනෙකු ජීවිතාක්‍ෂයට පත්වී ඇති අතර, තුවාල වු ගණන 10 කි. කඩිනමින් සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණි ආධාරකරුවන් විසින් තුවාල සිදුවූවන් සහ මළසිරුරු ඉවතට ගැනීමට කටයුතු කර ඇත.

අදාල රිය අනතුර සිදුවූයේ කෙසේද යන්න සොයා බැලීම සඳහා පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි රොයිටර් පුවත් ආරංචි මාර්ග පවසයි.





අනතුර සිදුවූ ස්ථානයේදී ලබාගත් ඡායාරූප කිහිපයක්



 
















No comments:

Post a Comment