Wednesday, July 31, 2013

මොකක්ද මේ තෙලන්ගානාව



ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය දෙකඩ කර තෙලන්ගානා නමින් අලුත් ප්‍රාන්තයක් පිහිටුවීමට ඉන්දීය ආණ්ඩුව විසින් නිවේදනය කරනු ලැබීමත් සමඟ, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙහි විරෝධතා ව්‍යාපාර සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තෙලිඟු බස කතා කරන ජනතාව බහුලවන හෙයින්, වසර 50 ක පමණ අතීතයක සිට ප්‍රාන්තය දෙකඩ කොට අලුතින් තෙලන්ගානා නමින් ප්‍රාන්තයක් නිර්මාණය කර දෙන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපාර පවත්වාගෙන එනු ලබයි. එසේ වුවද, මෙම වැඩ පිළිවෙලට ආන්ද්‍රා ප්‍රදේශ්හි වෙසෙන විශාල ජන සංඛ්‍යාවක් විරෝධය පළ කොට ඇත.

ප්‍රාන්තය දෙකඩ කිරීම පෙරදැරිව විරෝධතා පවත්වද්දී තම ඉල්ලීම් දිනාගත් සතුට සමරන පිරිසක්ද ඒ අතර වෙති.


අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.










ප්රතමිතියෙන් බාල ඉන්ධන හරවා යැවේ





පසුගියදා සිංගප්පූරුවෙන් ආනයනය කරන ලද ඉන්ධන තොගයෙන් ප්‍රමිතියෙන් බාල ඔක්ටේන් 95 පෙට්‍රෝල් මෙට්‍රික් ටොන් 5000 ක ප්‍රමාණයක් ආපසු හරවා යැවු බවත් අදාල ඉන්ධන තොගය වෙනුවට එම සමාගමෙන් නැවත ඉන්ධන තොගයක් ඇනවුම් කර ඇති බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා පවසා ඇත. 

අදාල පෙට්‍රෝල් තොගයේ සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පියවරගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

Tuesday, July 30, 2013

ආනයනික පෙට්රල් පිරිවිතරයන්ට නොගැළපේ නම් රට තුළට ගොඩබෑම පරට්රතික්ෂේප කරනවා



මෙරටට ඇනවුම් කළ ඔක්ටේන් 90 වර්ගයේ පෙට්රල් මෙට්රික් ටොන් 30,000ක ඉන්ධන තොගය හා 95 වර්ගයේ පෙට්රල් මෙට්රික් ටොන් 5,000ක ඉන්ධන තොගය සම්බන්ධ මූලික සාම්පල් පරීක්ෂා කිරීමේදී එහි ඔක්ටේන් අගය නියමිත පිරිවිතරයන්ට නොමැති බව වාර්තාවී ඇත.

මෙවැනි අවස්ථාවක ආනයනය කරන තෙල් පරීක්ෂා කරන ක‍්‍රමවේද අනුව දෙවනි වරටත් සාම්පල් ලබාගැනීමක් සිදු කරනු ලැබේ. මේ අනුව අදාළ ඉන්ධන තොගවලින් නැවත ඉන්ධන සාම්පල් ලබාගනිමින් පරීක්ෂා කිරීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරමින් පවතී.

රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට අනුව ඇනවුම් කරන ලද මෙම ඉන්ධන තොගය කොළඹට පැමිණියේ 2013 ජූලි 29 දිනය. අදාළ ඉන්ධන තොගය ගොඩබෑමට ප‍්‍රථමයෙන් ලබාගත් සාම්පල් කොලොන්නාව හා සපුගස්කන්ද පරීක්ෂණාගාරවලදී නිසි ලෙස පරීක්ෂා කරනු බලන අතර යම් හෙයකින් අදාළ පිරිවිතරයන්ට නොගැළපේ නම් රට තුළට ගොඩබෑම ප‍්‍රතික්ෂේප කරන බවත් ඇනවුම් කළ පිරිවිතරයන්ට ගැළපෙන තෙල් තොගයක් ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ සමාගමට උපදෙස් ලබා දී තිබේ. මෙම තෙල් තොගය ඇනවුම් කරන ලද්දේ ඛනිජ තෙල් සංස්ථාව සමග දිගුකාලීන ගිවිසුමක් පවත්වාගෙන යනු ලබන පෙට්‍රො චයිනා සමාගමෙනි.

මෙම පෙට‍්‍රල් තොග ප‍්‍රතික්ෂේප කිරීම නිසා රට තුළ පෙට්රල් හිඟයක් ඇති නොවන අතර අවශ්‍ය තරම් පෙට්රල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව අවධාරණය කරයි.  



අයිතිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
 


සෙවණට දිරියක් යටතේ වයඹ පළාතට රණ විරු නිවාස 500ක්

2014 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව වයඹ පළාත තුළ රණ විරු නිවාස 500ක් ඉදිකරීමට පියවර ගන්නා බව රණ විරු සේවා අධිකාරිය පවසයි.

මේ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණ විරු නිවාස 400ක් හා පුත්තලම දිස්ත්‍රික්කයේ රණ විරු නිවාස 100ක් ඉදිකිරීමට අපේක්ෂිතය.

මේ වන විටත් ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් කර නොමැති රණ විරු නිවාස සම්පූර්ණයෙන් ම වැඩ අවසන් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. එක් නිවසක් රුපියල් ලක්ෂ 5ක උපරිමයට යටත්ව වැඩ අවසන් කිරීමට අපේක්ෂිතයි. දැනට අඩ වශයෙන් වැඩ නිමකර ඇති රණ විරුවන්ගේ
නිවාසවල වහලය සකස් කිරීම, දොර ජනෙල් දැමීම, බිත්ති කපරාරු කිරීම, මුළුතැන් ගෙවල් සකස් කිරීම, විදුලිය ගැනීම, සනීපාරක්ෂක පහසුකම්, පිවිසුම් මාර්ග, ගෙබිම සකස්කිරීම, ගෙවත්ත අලංකරණය ආදි කටයුතු මේ යටතේ සිදු කිරීම රණ විරු සේවා අධිකාරිය බලාපොරොත්තුවෙයි.

මෙම වැඩසටහන 2012 අයවැය යෝජනා යටතේ “සෙවණට දිරියක්” රණ විරු නිවාස යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර මෙහි පළමු අදියර ලබන සැප්තැම්බර් 10 දින අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි රණ විරු සේවා අධිකාරිය පැවසීය.







අයිතිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව